Blood Donation (Register via online and Donate your Blood)
රුධිරය අවශ්‍ය වන රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන බොහෝ පිරිසක් අපේ රටේ සිටිති. තැලසීමියා රෝගයෙන් පෙලෙන දරුවන් , පිළිකා රෝගීන්, ගර්භණී මව්වරුන්, හදිසි සැත්කම්, රක්තහීනතාවය වැනි මේ සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ දිවි සුරැකුණේ අපගේ ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන් නිසා ය .
දැනට පවතින කොරෝනා රෝගී තත්ත්වය හමුවේ, පිරිස් එක් රැස් වී සිදුකරන ජංගම රුධිර කඳවුරු සංවිධානය කිරීම දිනෙන් දින අපහසු වෙමින් පවතී.
නමුත්, රුධිරය අවශ්‍ය ජීවිත බේරා ගැනීම සඳහා නොකඩවා රුධිරය එකතු කළ යුත්තේ ඉහත පැවසූ රෝගීන් සහ රුධිර අවශ්‍යතා ඇති අය සඳහා රුධිරය සහ සංඝටක අවශ්‍ය වන නිසයි.
මේ කාලයේ, රටේ රුධිර අවශ්‍යතාවය වෙනුවෙන් තම රුධිරය පරිත්‍යාග කිරීමට පෙරට එන රුධිර පරිත්‍යාගශීලීන් උදෙසා ජාතික රුධිර පාරවිලයන සේවය පහසුකම් සපයා ඇත.
ජාතික රුධිර මධ්‍යස්ථානය වෙතට මෙන්මදිවයින පුරා රජයේ රෝහල් වල පිහිටා ඇති ලේ බැංකු වලට ද පැමිණ ඔබට රුධිරය පරිත්‍යාග කල හැකිය.
ඒ සඳහා, ඔබට nbts.life යන වෙබ් ලිපිනය ඔස්සේ දිනයක් වේලාවක් වෙන්කරගත හැකිය.
ඒ සඳහා පහත ලින්ක් එක ක්ලික් කර ඔබත් අදම, ජාතික රුධිර මධ්‍යස්ථායේ දී හෝ දිවයින පුරා ඇති ලේ බැංකුවකදී රුධිරය පරිත්‍යාග කීරීමට වේලාවක් වෙන් කරගන්න.
http://nbts.life