News
October 05, 2020
Search This Blog
05/10/2020
News
October 05, 2020
Teachers Day Message from Education Ministry :
Teachers Day Message
from Education Ministry
අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු දින පණිවිඩය
கல்வி
அமைச்சின் ஆசிரியர் தின செய்தி
Sinhala and Tamil
“තීරණාත්මක අභියෝගයන්ට නායකත්වය සපයමින් අනාගතය ප්‍රතිනිර්මාණය කරන දැයේ ගුරු පරපුර”
රටක සියලුම අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ආයතනය වන්නේ පාසලයි. මානව සංස්කෘතිය පවරාදීමේ දී ප්‍රමුඛතම ගාමක බලවේගය (Driving Force) අධ්‍යාපනය වන බැවින් පාසල නමැති සමාජ සංස්ථාවට වැදගත් කාර්යභාරයක් පැවරී ඇත. පාසල දරුවකුගේ ජීවිතයට ශක්තිමත් අඩිතාලමක් සපයනු ලබන කේන්ද්‍රස්ථානයයි. වයස අවුරුදු 06 දී පාසලට පිවිසෙන දරුවකුගේ දෙවන මවුපියන් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ය. සිසුන්ට දැනුම ලබාගැනීමට, කුසලතා වැඩිදියුණු කිරීමට, ධනාත්මක ආකල්ප ගොඩනගා ගැනීමට මෙන්ම සාර්ථකත්වයට නිවැරදි මාවත තෝරාගැනීමට මඟ පෙන්වා දෙනු ලබන්නේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ය.
සමාජ, ආර්ථික, සංස්කෘතික විවිධතා සහිත දරුවන් හට සමාන අධ්‍යාපන අවස්ථා සලසා දෙමින් ඔවුන්ගේ අනාගතය නිර්මාණයෙහි ලා ගුරුවරයා විසින් ඉටු කරන කාර්යයභාරය සුවිශේෂී වේ. දසතින් ගලා එන දැනුම් ප්‍රවාහය, අවශෝෂණය කර ගනිමින් තම අත්දැකීම් හා මුසු කොට උචිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද ඔස්සේ දරුවන් වෙත සම්ප්‍රේෂණය කරනුයේ ගුරුවරයා ය. ගුණ නැණ බෙලෙන් යුතු සමබර පුරවැසියකු තැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ගුරුභවතුන් සිය වර්තමානය දැයේ හෙට දවස වෙනුවෙන් නිර්ලෝභීව කැප කරති. ඒ අනුව පරපුරෙන් පරපුරට සංස්කෘතිය පවරා දෙමින් මිනිස් වර්ගයාගේ යහපැවැත්ම උදෙසා මාර්ගෝපදේශ සැපයීම හේතුවෙන් ලොවෙහි උතුම්ම වෘත්තිකයා වන්නේ ගුරුවරයාය.
ගුරුවරයාගේ විශේෂ අවධානය ඉගැන්වීම් කාර්ය කෙරෙහි යොමු වී පැවතිය ද වර්තමානයේ දී එය පුද්ගල සංවර්ධනය, සමාජ සංවර්ධනය, ශිෂ්‍ය ඉගෙනුම් අත්දැකීම් පුළුල් පරාසයකට යොමු කිරීම වැනි ක්ෂේත්‍ර ගණනාවක් සමඟ බැඳී පවතී. වසර 30 කට පමණ එපිටින් වූ ලෝකය සඳහා ප්‍රවිශ්ටවන දරුවන් නිර්මාණය කරන ගුරුවරයා අනාගතය විනිවිද දකින්නෙකු විය යුතු ය. බොහෝ විට ගුරුවරුන් දෙමපියෙකු, මිතුරෙකු, උපදේශකයෙකු, ආරක්ෂකයෙකු වශයෙන් විවිධ භූමිකා ඔස්සේ කටයුතු කරමින් සමාජයේ වටිනා සාමාජිකයන් වීමට සිසුන්ට මඟපෙන්වනු ලබන අතරම සිසු දරුවන්ට යහපත් ආදර්ශ සැපයීම තුළින් එම මෙහෙවර වඩාත් සාර්ථකව ඉටු කරති. විවිධ ප්‍රවේශ ඔස්සේ සිදුවන ශිෂ්‍ය සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඵලදායීව දායකවීමට නම් ගුරුවරයා වෘත්තීයමය නිපුණයෙකු විය යුතු ය. පාසලේ දී මෙන්ම සමාජයේ දී ද තම ගුරු භූමිකාව නිවැරදි ව හසුරුවා ගැනීම සහ විවිධ අවශ්‍යතාවලට අනුරූප වන සේ තම කාර්යභාරය ඉටු කිරීම ගුරුවරයාගේ වගකීමකි.
වසර 2030 දී සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්කයක් වන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා දැනුම, කුසලතා, ආකල්ප හා වටිනාකම්වලින් සමන්විත පාසල් ප්‍රජාවක් බිහි කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා අධ්‍යාපන පද්ධතිය තුළ ගුරුවරයා සිදු කරන සේවය කොතරම් දුරට ගුණාත්මක ද යන්න ස්වයං ව විමසීමට ලක් කිරීම ඉතා වැදගත් වේ. එමඟින් ගුරු කාර්යභාරය පිළිගත් සහ අපේක්ෂිත ප්‍රමිතියට අනුකූල ව පවත්වා ගැනීම සඳහා යම් මඟපෙන්වීමක් ගුරුවරයාට ලැබෙන අතර, එය වඩාත් ගුණාත්මකභාවයෙන් යුතු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම සඳහා ඉවහල් වනු ඇත. ඕනෑම කාර්යයක ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රඳා පවතිනුයේ, එම කාර්යය හා සබැඳි පුද්ගල නිපුණතා මත වන අතර, ප්‍රශස්ත වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් පාසල් පද්ධතිය තුළ ස්ථාපිත කිරීම සඳහා නිපුණතාවලින් පරිපූර්ණ වූ ගුරුභවතුන් සිටීම අත්‍යවශ්‍ය වේ.
සමාජ, ආර්ථික සහ සංස්කෘතික වෙනස්කම් හමුවේ ගුරුවරයාගේ කාර්යභාරය ද දිනෙන් දින පරිණාමයට ලක් වී ඇත. විශ්වීය තත්වයන්ට අනුව සහ රැකියා වෙළඳ පොළ හා ගැළපෙන පුරවැසියෙකු නිර්මාණය කිරීමට සිදුවීම මෙන්ම අනපේක්ෂිතව ලොවම මුහුණ පෑ කොවිඩ් 19 ව්‍යසනය වැනි අවස්ථා හමුවේ ද ගුරුවරුන් මුහුණ දුන් අභියෝග රාශියකි. ඒවා සඳහා නොසැලී මුහුණ දෙමින් ලොව පුරා ගුරුභවතුන් සාධනීය කාර්යභාරයක් ඉටු කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ ද ගුරුභවතුන් විවිධ වූ දුෂ්කරතාවයන් මැද තම කාලය, ශ්‍රමය කැප කරමින් සුවහසක් වූ දරු දැරියන්ගේ නැණ නුවණ පාදන්නට ගත්තා වූ වෑයම වත්මන් සමාජයේ බොහෝ කතා බහකට ලක් විය. කෝවිඩ් 19 ව්‍යසන අවස්ථාවේ දී ද නිවසේ වෙසෙන දරුවන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ විෂය ආවරණය කිරීම සඳහා ගත් උත්සාහය ප්‍රශංසනීය ය. අවම පහසුකම් යටතේ වුව ද පවතින සම්පත් කළමනාකරණය කර ගනිමින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට ඇප කැපවන ශ්‍රී ලාංකේය ගුරුභවතුන් අතිශයින්ම අගය කළ යුතු ය.
ගුරුවරයෙකුගේ නිපුණතා පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ශිෂ්‍ය අවශ්‍යතා, විවිධතා හා විභව්‍යතාවල වැදගත්මක හඳුනා ගනිමින් ඵලදායිව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වීම ඉතා වැදගත් වන අතර ඊට අනුකූල ව උචිත උපායමාර්ග, ඉගෙනුම් ක්‍රම හා ක්‍රම ශිල්ප භාවිත කළ යුතු ය. යාවත්කාලීන වූ ඉගෙනුම් සම්පත් සහ නිර්මාණශීලි ඉගෙනුම් පරිසරයක් සකස් කර ප්‍රශස්ත ලෙස භාවිත කිරීම මෙන් ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා හැකි සෑමවිටම නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් සිසුන් ඒ සඳහා යොමු කිරීම ඉතා වැදගත් ය. සිසුන් ස්වයං අධ්‍යයනයට යොමු කිරීමට අවශ්‍ය මගපෙන්වීම හා ශිෂ්‍යයාගේ සැබෑ ජීවන අත්දැකීම් හා සම්බන්ධ වන සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ගැලපීම අත්‍යාවශ්‍ය ය. විවිධ කුසලතා (චින්තන හැකියා, මෘදු කුසලතා හා නිර්මාණශීලී ක්‍රියාකාරකම්) සංවර්ධනය සඳහා සිසුන් යොමු කළ යුතු අතර උචිත පරිදි තක්සේරුකරණය හා ඇගයීම ක්‍රියාත්මක කර ඉගෙනුම් ඵල සාධනය කරා යොමු කළ යුතු වේ.
මේ සඳහා වෘත්තිකයෙක් වශයෙන් ගුරුවරයා සවිබල ගැන්වීම උදෙසා පහත සදහන් ප්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවට ජාත්‍යන්තර මට්ටමෙන් ද අවධානය යොමු ව ඇත.
- ගුරු වෘත්තිය සම්බන්ධව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතිමාන අනුව සැකසූ ඇගයීම් උපකරණ භාවිතයෙන් ගුරු කාර්යභාරය නියාමනය.
- එක් එක් රටවල ගුරුවරුන් සම්බන්ධ පවත්නා ප්‍රතිපත්ති සහ උපායමාර්ග විවරණය කර ඒවා සංවර්ධනය.
- ගුණාත්මක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සඳහා ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය.
- 2030 වර්ෂය වනවිට අත්පත් කර ගත යුතු අධ්‍යාපනය සම්බන්ධ තිරසාර සංවර්ධන අරමුණු කරා ළඟා වීම සඳහා ගුරුවරුන්ගේ දැනුම, ඉගැන්වීම් සහ නියාමන ක්‍රමවේද සංවර්ධනය.
- ගුණාත්මක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සඳහා ගුරුවරුන්ට මාර්ගෝපදේශ සැපයීම සහ දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසීම.
එමෙන්ම විධිමත් පටිපාටි අනුව බඳවා ගැනීම, විෂයානුබද්ධව පුහුණු කිරීම, වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කිරීමට අවස්ථා සැලසීම, අභිප්‍රේරණය කිරීම සහ අවශ්‍ය සම්පත් සැපයීම තුළින් ද ගුරුවරයා එලදායී වෘත්තිකයෙකු වශයෙන් සංවර්ධනය කළ හැකිවේ.
විශ්වීය තත්වයන්ට ගැළපෙන පරිදි ශ්‍රී ලාංකික ගුරුවරයා සංවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විවිධ කාර්යයන් ඉටු කරයි. ගුරුවරුන් සඳහා විවිධ වෘත්තීය සංවර්ධන අවස්ථා සැපයීම, ජාතික මට්ටමෙන් වාර්ෂිකව ගුරු හා විදුහල්පති ඇගයීම් වැඩසටහන් පැවැත්වීම මෙන්ම ගුරුවරුන්ගේ කාර්ය සාධනය ඉහල නැංවීම සඳහා ඉදිරි වර්ෂයේ සිට ස්වයං තක්සේරු ක්‍රමවේදයක් ලෙස ගුරු නිපුණතා රාමුවක් පාසල් පද්ධතියට හදුන්වා දීමට ද සැලසුම් කර ඇත.
එමෙන්ම ගුරු වෘත්තීය අභිමානය ඉහල නැංවීම පිණිස ශ්‍රී ලංකාවේ ගුරු සංගම් නායකයෙකු වන එම්.ජී.මෙන්ඩිස් මහතාගේ යෝජනාවකට අනුව 1990 වර්ෂයේ සිට ලෝකයෙහිම ජාත්‍යන්තර ගුරු දිනය සැමරීම ලාංකිකයින් වන අපට සුවිශේෂී අවස්ථාවකි.
2020 වර්ෂයෙහිද “තීරණාත්මක අභියෝගයන්ට නායකත්වය සපයමින් අනාගතය ප්‍රතිනිර්මාණය කරනුයේ ගුරුවරයාය” යන තේමාව ඔස්සේ ජාත්‍යන්තර ගුරු දිනය සැමරීමට සැලසුම් කර ඇත. විශේෂයෙන්ම ගෝලීය වසංගත තත්වය හමුවේ ගුරුවරුන් මුහුණපෑ අභියෝග අත්පත් කරගත් සාධනීය තත්වයන්, නැවත පාසල් ආරම්භයත් සමඟ ඇතිව තිබෙන වෙනස්කම්වලට ගුරුවරුන් අනුගතවීම සම්බන්ධව ද මෙවර විශේෂ අවධානයක් යොමු ව ඇත.
දැයේ සුවහසක් සිසු ප්‍රජාවගේ දිවිමග ඒකාලෝක කිරීමට නොමඳ ව වෙහෙසෙන විශිෂ්ට වූ ගුරු හා විදුහල්පතිවරුන‍්ගේ අමිල මෙහෙවරට උපහාරයක්ම වේවා! යන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙහි ප්‍රාර්ථනයයි.
“தீர்க்கமான சவால்களுக்கு தலைமைத்துவம் வழங்கி எதிர்காலத்தை மீள கட்டியெழுப்பும் ஆசிரிய தலைமுறையினர் ”
ஒரு நாட்டின் அனைத்து கல்விக் கொள்கைகளையும் செயன்முறை ரீதயாக செயற்படுத்தும் நிறுவனம் பாடசாலையாகும். மானுட கலாசாரத்தைக் பகிர்ந்து கொள்வதில்; முதன்மையான சக்தியாகக் (Driving Force) கல்வி திகழ்வதால் பாடசாலை எனும் சமூக கூட்டுத்தாபனத்திற்கு இன்றியமையாத பணிகள் ஒப்படைக்கப்பட்டுள்ளன. பாடசாலை ஒரு பிள்ளையின் வாழ்க்கைக்கு பலமான அடித்தளத்தை அமைத்துக் கொடுக்கக்கூடிய கேந்திர நிலையமாகும். 06 வயதில் பாடசாலைக்கு உள்வரும் பிள்ளையினது இரண்டாம் பெற்றார்களெனப்படுபவோர் அதிபர்களும் ஆசிரியர்களுமே ஆவர். மாணவர்களுக்கு அறிவைப் பெற்றுக் கொள்வதற்குஇ திறன்களை விருத்தி செய்து கொள்வதற்குஇ நேர் ரீதியான மனப்பாங்கை கட்டியெழுப்புவதைப் போன்றே வெற்றிக்காக சரியான பாதையை தெரிவு செய்து கொள்வதற்கு வழி காட்டுபவர்கள் அதிபர்களும் ஆசிரியர்களுமேயாவர்.
சமூகஇ பொருளாதாரஇ கலாசார பல்வகைமையுடன் கூடிய பிள்ளைகளுக்கு சமமான கல்வி வாய்ப்பினை ஏற்படுத்திக் கொடுத்து அவர்களின் எதிர்காலத்தை தோற்றுவிப்பதில் ஆசிரியரால் நிறைவேற்றப்படும் பணியானது தனிச் சிறப்பானதாகும். உலகளாவிய அளவில் பொங்கிவரும் அறிவுப் பிரவாகத்தை சமநிலையில் பேணி தனது அனுபவத்துடன் கலந்து பொருத்தமான கற்றல் கற்பித்தல் முறையியல்களின் துணையுடன் பிள்ளைகளுக்கு ஊடுகடத்துபவர் ஆசிரியரே. நற்குணம்இ அறிவு மற்றும் வலிமையுடன் கூடிய சமநிலையான பிரஜையை நிர்மாணிப்பதற்கென அர்ப்பண சிந்தையுடன் பணியாற்றும் ஆசியர்கள் தமது நிகழ்கால தேசத்தின் நாளைய தினத்திற்கென பரந்த மனப்பான்மையுடன் தம்மை அர்ப்பணிக்கின்றனர். அதற்கிணங்கஇ பரம்பரை பரம்பரையாக கலாசாரத்தை ஒப்படைத்து மானிட வர்க்கத்தின் சக வாழ்விற்கு வழிகாட்டலை வழங்கவென தரணியில் உயர்வான தொழில் வாண்மையாளராக இருப்பவர் ஆசிரியரே.
ஆசிரியரின் விசேட கவனம் கற்பித்தல் பணியின்பால் செலுத்தப்பட்டுக் காணப்படினும் நிகழ்காலத்தில் அது தனிநபர் அபிவிருத்திஇசமூக அபிவிருத்திஇ மாணவர்களின் கற்றல் அனுபவங்களை பரந்ததொரு எல்லைக்கு இட்டுச் செல்லுதல் போன்ற துறைகள் பலவற்றுடன் இணைந்து காணப்படுகின்றது. சுமார் 30 வருடங்களுக்கு அப்பால் உள்ள உலகத்திற்குள் நுழையும் பிள்ளைகளை உருவாக்கும் ஆசிரியர் ஒருவர் எதிர் காலத்தை வெளிப்படையாக காணக் கூடிய ஒருவராக இருத்தல் வேண்டும். பெரும்பாலும் ஆசிரியர்கள் பெற்றாராகஇநண்பனாகஇஆலோசகராகஇ பாதுகாப்பவராக பல்வேறு வகிபாகங்களின் அடிப்படையில் செயலாற்றி மாணவர்களை சமூகத்தின் பெறுமதிமிக்க உறுப்பினர்களாவதற்கு வழிகாட்டும் அதேவேளைஇ மாணவர்களுக்கு சிறந்த முன்மாதிரியை வழங்குவதனூடாக அந்த பணியினை மிகவும் வெற்றிகரமாக நிறைவேற்றுகின்றனர். பல்வேறு பிரவேசங்களினூடாக நிகழும் மாணவர் அபிவிருத்திச் செயற்பாடுகளுக்கென விளைதிறன்மிக்க வகையில் பங்களிப்பு செய்ய வேண்டுமெனில்இ தொழில் ரீதியாக தேர்ச்சிமிக்க ஒருவராக ஆசிரியர் இருத்தல் வேண்டும். பாடசாலையைப் போன்றே சமூகத்திலும் தனது ஆசிரியர் வகிபாகத்தை சரியாக பயன்படுத்திக் கொள்ளுதலும் பல்வேறு தேவைகளுக்கு ஒத்த வகையில் தனது பணிகளை நிறைவேற்றுதலும் ஆசிரியர் ஒருவரின் பொறுப்பாகும்.
2030 ஆம் ஆண்டில் அடைந்து கொள்ள எதிர்பார்க்கும் நிலைபேறான அபிவிருத்தி இலக்காவுள்ள தரமான கல்வியை வழங்குதல் மற்றும் இலங்கையின் புதிய கல்வி சீர்திருத்தத்தை நடைமுறைப்படுத்துவதற்காக அறிவுஇ திறன்இ மனப்பாங்கு மற்றும் பெறுமதி என்பவற்றுடன் கூடிய பாடசாலை சமூகமொன்றை உருவாக்குதல் அத்தியாவசியமாகின்றது. அதற்கென கல்விப் புலத்தினுள் ஆசிரியரால் நிறைவேற்றப்படும் சேவை எந்த அளவிற்கு தரமானது என்பது தொடர்பாக சுயமாக ஆராய்தலுக்கு உட்படுத்துதல் மிக முக்கியமாகின்றது. அதனூடாக ஆசிரியர் பணியை ஏற்றுக் கொள்ளப்பட்ட மற்றும் உத்தேச தரங்களுக்கு அமைவாக பேணுவதற்கென சில வழிகாட்டல்கள் ஆசிரியருக்கு கிடைப்பதோடு அது மிகுந்த தரமிக்க வகையுடன் கூடிய கற்றல் கற்பித்தல் செயற்பாடுகளை உறுதிப்படுத்திக் கொள்வதற்கு உதவியாக அமையும். ஏதேனுமொரு பணியின்போது பண்புத் தரம் மற்றும் தரஉறுதி என்பனஇ அப் பணிகளுடன் தொடர்;புடைய தனிநபர் தேர்ச்சியின் அடிப்படையில் தங்கியுள்ள அதேவேளைஇ சிறந்த கற்றல் கற்பித்தல் செயற்பாடொன்றை பாடசாலை முறைமையினுள் உறுதிப்படுத்திக் கொள்வதற்கென தேர்ச்சிகளில் பூரணத்துவம் பெற்ற ஆசிரியர்கள் இருப்பது அத்தியாவசியமாகின்றது.
சமூகஇபொருளாதார மற்றும் கலாசார வேறுபாடுகளின் எதிரில் ஆசிரியரின் பணி தினம் தினம் பரிணாம வளர்ச்சி பெற்றுள்ளது. பூகோள தன்மைகளுக்கு அமைவாகவும் தொழிற்; சந்தைக்குப் பொருத்தமானதுமான பிரஜைகளை உருவாக்க வேண்டியேற்படுவதைப் போன்றே எதிர்பாராத வகையில் முழு உலகும்; முகங் கொடுத்த கொவிட் 19 இடர் போன்ற சந்தர்ப்பங்களின் எதிரிலும் ஆசிரியர் முகங்கொடுத்த சவால்கள் ஏராளம். அவற்றிற்காக சளைக்காது முகங் கொடுத்து உலகளாவிய அளவில் ஆசிரியர்கள் நிரூபிக்கக் கூடிய பணியினை நிறைவேற்றியுள்ளனர். இலங்கையில் ஆசிரியர்கள் பல்வேறுபட்ட இடர்பாடுகளுக்கு மத்தியில் தமது நேரம்; மற்றும் உழைப்பு என்பனவற்றை அர்ப்பணித்து இலட்சக் கணக்கான மாணவர்களின் அறிவுக் கண்ணை திறப்பதற்கு எடுத்துக் கொண்ட முயற்சி நிகழ்கால சமூகத்தில் பல்வேறு விமர்சனங்களுக்கு உட்பட்டுள்ளது. கொவிட் 19 இடர் சமயத்தில்; தமது வீடுகளிலேயே முடங்கிக் கிடந்த பிள்ளைகளுக்காக இணையத்தளத்தினூடாக பாடங்களை பதிலீடு செய்வதற்காக எடுத்துக் கொண்ட முயற்சிகள் பாராட்டப்பட வேண்டியவை. குறைந்த வசதிகளாக இருப்பினும் கிடைக்கக் கூடிய வளங்களை முகாமைத்துவம் செய்து தரமான கல்வியை வழங்குவதற்கு அர்ப்பணிக்கும் இலங்கை தேசத்து ஆசிரியர்களை வெகுவாக பாராட்;ட வேண்டும்.
ஆசிரியர் ஒருவரின் தேர்ச்சி தொடர்பாக கவனஞ் செலுத்தும் போது மாணவர்களின் தேவைகள்இ பல்வகைமைஇ உள்ளார்ந்த ஆற்றல்களின் முக்கியத்துவத்தை இனங்கண்டு விளைதிறன்மிக்க கற்றல் கற்பித்தல் செயற்பாடுகளில் ஈடுபடுதல் மிகவும் இன்றியமையாததாகின்ற அதேவேளை அதற்கு அமைவாக பொருத்தமான உபாயங்கள்இ கற்றல் முறைகளையும் நுட்பங்களையும் பயன்படுத்த வேண்டும். தற்காலப்படுத்தப்பட்ட கற்றல் வளங்களையும் ஆக்கரீதியான கற்றல் சூழலையும் உருவாக்கி சிறப்பான முறையில் பயன்படுத்துவதைப் போன்றே கற்றல் கற்பித்தல் செயற்பாடுகளுக்காக தன்னால் இயன்ற அனைத்து சந்தர்ப்பங்களிலும் நவீன தொழில்நுட்ப முறையியல்களைப் பயன்படுத்தி மாணவர்களை அதற்கென ஈடுபடுத்துதல் மிகவும் முக்கியமாகும். மாணவர்களை சுய கற்றலுக்கு ஈடுபடுத்துவதற்குத் தேவையான வழிகாட்டல்களையும் மாணவரது நிஜ வாழ்க்கை அனுபவங்களுடன் தொடர்புபடும் வகையில் கற்றல் கற்பித்தல் செயற்பாடுகளை ஒப்பிட்டுக்; கொள்ளுதல் அத்தியாவசியமாகின்றது. பல்வேறு திறன்களின் (சிந்தனை ஆற்றல்இமென்திறன்கள் மற்றும் ஆக்கரீதியான செயற்பாடுகள்) அபிவிருத்திக்காக மாணவர்களை ஈடுபடுத்த வேண்டியதோடு பொருத்தமான வகையில் கணிப்பீட்டுச் செயன்முறைகளையும் மதிப்பீட்டையும் நடைமுறைப்படுத்தி கற்றல் பேற்று அடைவை நோக்கி இட்டுச் செல்ல வேண்டியுள்ளது.
இதற்கென தொழில் வாண்மையாளர் எனும் அடிப்படையில் ஆசிரியரை வலுவூட்டுவதற்காக கீழ்க் குறிப்படப்பட்டுள்ள பிரதான விடயங்கள் தொடர்பாக கவனஞ் செலுத்;தி செயலாற்ற வேண்டியுள்ளதென சருவ தேச மட்டத்தில் கவனம் திரும்பியுள்ளது.
- ஆசிரியர் தொழில் தொடர்பாக சருவதேச ரீதியில் ஏற்றுக் கொள்ளப்பட்ட இயல்புநிலைக்கு அமைவாக ஒழுங்கமைக்கப்பட்ட மதிப்பீட்டு உபகரணங்களைப் பயன்படுத்தி ஆசிரியர்களின் பணிகளை கண்காணித்தல்.
- வெவ்வேறு நாடுகளில் ஆசிரியர்கள் தொடர்பாக நடைமுறையிலுள்ள கொள்கைகள் மற்றும் உபாயங்கள் தொடர்பாக விளக்கமளித்து அவற்றை அபிவிருத்தி செய்தல்.
- தரமான கற்றல் கற்பித்தல் செயற்;பாடுகள் தொடர்பான ஆசிரியர்களின் கொள்ளாற்றலை விருத்தி செய்தல்.
- 2030 ஆம் ஆண்டளவில் அடைந்து கொள்ள வேண்டிய கல்வி தொடர்பான நிலைபேறான அபிவிருத்தி நோக்கங்களை நோக்கி அண்மிப்பதற்காக ஆசிரியர்களின் அறிவுஇ கற்பித்தல் மற்றும் கண்காணித்தல் முறையியல்களை அபிவிருத்தி செய்தல்.
- தரமான கற்றல் கற்பித்தல் செயற்பாடுகளுக்காக ஆசிரியர்களுக்கு வழிகாட்டலை வழங்குதல் மற்றும் அறிவை பகிர்ந்து கொள்வதற்கு வாய்ப்பினை ஏற்படுத்திக் கொடுத்தல்.
அவ்வாறேஇ முறைசார்ந்த நடைமுறையொன்றிற்கு அமைவாக ஆட்சேர்ப்பு செய்தல்இ பாடரீதியாக பயிற்றுவித்தல்இ தொழிற் தகைமைகளைப் பூர்த்தி செய்வதற்கு வாய்ப்புகளை ஏற்படுத்திக் கொடுத்தல்இ ஊக்குவித்தல் மற்றும் தேவையான வளங்களை வழங்குவதன் மூலம் ஆசிரியரை விளைதிறன்மிக்க தொழில் வாண்மையாளராக அபிவிருத்தி செய்ய முடியும்.
உலகளாவிய தரங்களுக்கு பொருந்தும் வகையில் இலங்கையின் ஆசிரியரை அபிவிருத்தி செய்வதற்காக கல்வி அமைச்சினால் பல்வேறு பணிகள் நிறைவேற்றப்படுகின்றன. ஆசிரியர்களுக்காக பல்வேறு தொழில் அபிவிருத்தி வாய்ப்புகளை வழங்குதல்இ தேசிய மட்டத்தில் வருடாந்தம் ஆசிரியர் மற்றும் அதிபர்களைப் மதிப்பீடு செய்யும் வேலைத்திட்டத்தை நடாத்துதலைப் போன்றே ஆசிரியர்களின் செயலாற்றுகைத் தரத்தை உயர்த்துவதற்காக அடுத்த வருடத்திலிருந்து சுய கணிப்பீட்டு முறையியலொன்றாக ஆசிரியர் தேர்ச்சி சட்டகமொன்றை பாடசாலை முறைமைக்கு அறிமுகப்படுத்துவதற்குத் திட்டமிடப்பட்டுள்ளது.
அவ்வாறேஇ ஆசிரியர் தொழிலின் அபிமானத்தை உயர்த்துவதற்கென இலங்கையில் ஆசிரியர் சங்கங்களின் தலைவரான திரு.எம். ஜீ. மென்டிஸ் அவர்களின் பிரேரணைக்கு இணங்க 1990 ஆம் ஆண்டிலிருந்து உலகளாவிய ரீதியில் சருவதேச ஆசிரியர் தினம் கொண்டாடப்படுதல் இலங்கையர்களாகிய எமக்கு விசேட சந்தர்ப்பமாகும்.
2020 ஆம் ஆண்டில் “தீர்க்கமான சவால்களுக்கு தலைமைத்துவம் வழங்கி எதிர்காலத்தை மீள கட்டியெழுப்புபவர் ஆசிரியரே” எனும் கருப் பொருளின் அடிப்படையில் சருவதேச ஆசிரியர் தினத்தைக் கொண்டாடுவதற்கு திட்டமிடப்பட்டுள்ளது. விசேடமாக உலகளாவிய அளவிலான தொற்றுநோய் நிலைமையின் எதிரில் ஆசிரியர்கள் முகங்கொடுத்த சவால்கள்இ அடைந்து கொண்ட நிரூபிக்கக் கூடிய நிலைமைகள்இ பாடசாலைகள் மீண்டும் ஆரம்பிக்கப்பட்டதுடன் உருவாகியுள்ள மாற்றங்களுக்கு ஆசிரியர்கள் இயல்பாக்கம் பெற்றுள்ளமை என்பன தொடர்பாக இம்முறை விசேட கவனம் செலுத்தப்பட்டுள்ளது.
தேசத்தின; இலட்சக் கணக்கான மாணவர் சமூகத்தினுடைய வாழ்க்கைப் பாதையை ஒளிரச் செய்வதற்கு எண்ணற்ற வகையில் உழைக்கும் அதிசிறப்பான ஆசிரியர்கள் மற்றும் அதிபர்களின் விலைமதிக்க முடியாத பணிக்கு பாராட்டுக்கள்! என்பது கல்வி அமைச்சின் வாழ்த்துக்களாகும்.
02/10/2020
Results
October 02, 2020
Results Released : Catholic Dharmacharya Exam - 2019 - 2020
Results Released
Catholic Dharmacharya Exam - 2019 – 2020
Exam Department
Exam Department has released the results of Below Exam.
Catholic Dharmacharya Certificate Examination - 2019 - 2020
Click Below and select the exam for the results
Results
Gazette
October 02, 2020
GAZETTE 02 Oct 2020
IMPORTANT Notifications ON
GAZETTE
02 Oct 2020
ගැසට් පත්‍රයේ වැදගත් දැනුම්දීම
வர்த்தமானியின் முக்கியமான அறிவிப்புகள்
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
- සහකාර අධ්‍යක්‍ෂ (සමාජ සජීවිකරණ)MM 1-1
- තාක්ෂණ නිලධාරි JM 1-1
- සංවර්ධන නිලධාරි MA 5-1
- දත්ත සැකසුම් සහකාර MA5-1
- ප‍්‍රජා සංවර්ධන සහකාර MA 3
- තාක්‍ෂණික සහකාර MA 2-1
- කළමනාකරණ සහකාර (තා. නො) MA1-1
- සමාජ සංවර්ධන සහකාර MA 1-1
- කාර්යාල කාර්ය සහයක PL 1
- ලේඛන භාරකරු PL 1
අධිකරණ සේවා කොමිෂන් සභාව
ශ‍්‍රී ලංකා අධිකරණ සේවයේ පුරප්පාඩු
ශ‍්‍රී ලංකා අධිකරණ සේවයේ II පන්තියේ I ශ්‍රේණියේ අධිකරණ නිලධාරී (මහේස්ත‍්‍රාත්ත) නතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ
අධිකරණ සේවා කොමිෂන් සභාව
පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරයේ සභාපති තනතුර
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ
ශ‍්‍රී ලංකා ඉංජිනේරු සේවයේ
ශ‍්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ
ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ
ශ‍්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ
ශ‍්‍රී ලංකා ක‍්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018 (II) සහ
ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ,
ශ‍්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සහ
ශ‍්‍රී ලංකා ක‍්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2019 (I)
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
ශ‍්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2017/(2020)
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
ශ‍්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන්ස ඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2017(2020)
වෙළෙ`ද අමාත්‍යාංශය
මිනුම් ඒකක, ප‍්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව
මිනුම් ඒකක, ප‍්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ ශ‍්‍රී ලංකා තාක්ෂණ සේවයේ රසායනාගාර සහකාර තනතුරු සඳහා පුහුණු ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2020
නීති කටයුතු දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ නීති නිලධාරි ෂෂ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2020
සංශෝධනයයි
ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩය 3 සේවා ගණයේ III ශ්‍රේණියේ තනතුරුවලට බඳවා ගැනීමේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය - 2019 (2020)
நகர குடியிருப்பு அபிவிருத்தி அதிகார சபை
நகர அபிவிருத்தி, கரையோரப் பாதுகாப்பு, கழிவுப்பொருள் அகற்றுகை மற்றும் சமுதாய தூய்மைப்படுத்தல் இராஜாங்க அமைச்சு
- உதவிப் பணிப்பாளர் (சமூகவலுவூட்டல்) MM 1-1
- தொழில்நுட்ப உத்தியோகத்தர் JM 1-1
- அபிவிருத்தி உத்தியோகத்தர் MA 5-1
- தரவுத் திட்ட உதவியாளர் MA 5-1
- சமுதாய அபிவிருத்தி உதவியாளர் MA 3
- தொழில்நுட்ப உதவியாளர் MA 2-1
- முகாமைத்துவ உதவியாளர் (தொழில்நுட்பமல்லாத) MA 1-1
- சமூக அபிவிருத்தி உதவியாளர் MA1-1
- அலுவலக பணி உதவியாளர் PL 1
- சுவடிகள் பொறுப்பாளர் PL 1
நீதிச்சேவை ஆணைக்குழு
இலங்கை நீதிச் சேவையில் நிலவூம் வெற்றிடங்கள்
இலங்கை நீதிச்சேவையின் II ஆம் வகுப்பின் I ஆம் தரத்திற்குரிய (நீதிவான்) பதவிகளுக்கான விண்ணப்பங்கள் கோரப்படுகின்றன
நீதிச்சேவை ஆணைக்குழு
நிருவாக மேன்முறையீடுகள் நியாய சபைக்கான தலைவர் பதவி
அரசாங்க சேவைகள்இ மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு
இலங்கை நிர்வாக சேவை
இலங்கைப் பொறியியல் சேவை
இலங்கை விஞ்ஞான சேவை
இலங்கைக் கட்டடக் கலைஞர் சேவை
இலங்கைக் கணக்காளர் சேவை
இலங்கைத் திட்டமிடல் சேவையிலுள்ள
அலுவலர்களுக்கான முதலாவது வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை -2018 (II) மற்றும்
இலங்கை நிர்வாக சேவை, இலங்கை கணக்காளர் சேவை மற்றும் இலங்கைத் திட்டமிடல் சேவையிலுள்ள அலுவலா்களுக்கான இரண்டாம் வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை - 2019 (I)
கால்நடை உற்பத்தி சுகாதாரத் திணைக்களம்
இலங்கை கால்நடை உற்பத்திஇ-, சுகாதார சேவையில் உள்ள உத்தியோகத்தர்களுக்கான முதலாவது வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை - 2017 (2020)
கால்நடை உற்பத்தி சுகாதாரத் திணைக்களம்
இலங்கை கால்நடை உற்பத்தி, சுகாதார சேவை உத்தியோகத்தர்களுக்கான இரண்டாவது வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை - 2017 (2020)
வர்த்தக அமைச்சு
அளவீட்டு அலகுகள், நியமங்கள் மற்றும் சேவைகள் திணைக்களம்
அளவீட்டு அலகுகள், நியமங்கள் மற்றும் சேவைகள் திணைக்களத்தின் இலங்கைத்தொழில்நுட்ப சேவையின் இரசாயன ஆய்வுகூட உதவியாளா்கள் பதவிக்காக பயிலுநர் தரத்திற்கு ஆட்சோ்ப்பதற்கான திறந்தப் போட்டிப் பரீட்சை - 2020
சட்ட அலுவல்கள் திணைக்களத்தின் நிறைவேற்றுச் சேவை வகுதியின் சட்ட அலுவலர் II ஆம் தரத்தைச் சேர்ந்த அலுவலர்களுக்கான வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை –2020
திருத்தம்
இலங்கைப் பரீட்சைத் திணைக்களம்
முகாமைத்துவ உதவியாளாளர் தொழில்நுட்பப் பிரிவு 3 ஆம் சேவை வகுதியின் தரம் III இன் பதவிகளுக்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான கட்டமைக்கப்பட்ட நேர்முகப் பரீட்சை -2019 (2020)
Click Below for the Circualr
01/10/2020
30/09/2020
News
September 30, 2020
The Big Bad Wolf : Online Book Sale
The Big Bad Wolf Online Book Sale In Sri Lanka Till October 04, 2020.
Click Below to Online Book Sale
Online Book Sale : The Big Bad Wolf
News
September 30, 2020
Student Update : NEMIS (Closing Date Extended)
සිසු තොරතුරු ඇතුලත් කිරිම හා යාවත්කාලීන කිරීම (2019 Academic Year) 2020 සැප්තැම්බර් මස 30 න් අවසන් කිරීමට නියමිත තිබූ අතර, පසුගිය සතිය තුළ අප පද්ධතිය තුළ ගොනු process වීම සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්වයක් ඇති වූ හෙයින් සිසු තොරතුරු ඇතුලත් කිරිම හා යාවත්කාලීන කිරීම 2020 October මස 09 වන දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කලෙමු.
අවසාන දිනය - 2020 October 09
The deadline for entry and update of student information (2019 Academic Year) was due on September 30, 2020. Due to a problem encountered with the file processing in our system during the last week, we have decided to extend the entry and update of student information until October 09, 2020, through bulk upload.
Deadline – October 09, 2020
2019 ஆம் கல்வி ஆண்டுக்குரிய மாணவர்களின் தகவல்களை உட்சேர்த்தல், இற்றைப்படுத்தல் பணிகளுக்கான இறுதித்திகதி செப்டம்பர் 30 என அறிவிக்கப்பட்ட போதும் கூட, முறைமையினுள் ஏற்பட்ட தடங்கல்கள் காரணமாக முடிவுத்திகதி ஒக்டோபர் 09 வரை நீடிக்கப்பட்டுள்ளது.
For Updates on NEMIS News follow below Official FB Page
Vacancy
September 30, 2020
Vacancies : SLIATE
Applications are invited for the following post in SLIATE. The detailed Bio Data of applicants with copies of certificates must reach to the Director General, SLIATE, “Janawathu Piyasa”, No.320, T. B. Jayah Mawatha, Colombo 10 under registered post
Closing Date 2020.11.03
01.Accountant- (Sammanthurai and Anuradhapura Advanced Technological Institutes) –Vacancies- 02
02. Librarian – (Ampara, Jaffna and Anuradhapura Advanced Technological Institutes) –Vacancies- 03
Teachers
September 30, 2020
Circular : Re Use of School Books : Education Ministry
The Ministry of Education has issued a circular regarding the reuse of textbooks.
It provides information on the use of textbooks, how to withdraw and how to distribute books to students.
The principal, the teacher and the parents must know these things.
පෙළපොත් නැවත භාවිතා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එය පෙළපොත් භාවිතය, ඉවත් කර ගන්නා ආකාරය සහ සිසුන්ට පොත් බෙදා හරින ආකාරය පිළිබඳ තොරතුරු සපයයි.
විදුහල්පති, ගුරුවරයා සහ දෙමාපියන් මේ දේවල් දැන සිටිය යුතුය.
பாடநூல்களை மீள பயன்படுத்துவது தொடர்பாக கல்வி அமைச்சு ஒரு சுற்றரிக்கை ஒன்றை வௌியிட்டுள்ளது.
இதில் பாடநூல்களின் பாவணை, திரும்ப பெற்றுக் கொள்ளும் விதம் மற்றும் மாணவர்களுக்கு எவ்வாறு புத்தகங்களை வழங்குவது என்பது தொடர்பான தகவல்கள் குறிப்பிடப்பட்டுள்ளன.
இவ்விடயங்களை அதிபர், ஆசிரியர் மற்றும் பெற்றோர் கட்டாயம் அறிந்து கொள்ள வேண்டும்.
Sinhala Circular
Tamil Circular
English Circular
29/09/2020
Students
September 29, 2020
Maps for GCE O/L and A/L : E Takshalawa
Maps for GCE O/L & A/L
සිතියම්
வரைபடங்கள்
Available in sinhala medium. Other Medium students can get the use of this.
Here we have give the details of map available in E takshalawa . Clicking above link, You can browse original source or give below titles it links the site)
Here we have give the details of map available in E takshalawa . Clicking above link, You can browse original source or give below titles it links the site)
சிங்களத்தில் உள்ளது. ஆசிரியர்கள் மாணவர்களுக்கு உதவுவதன் மூலம் அவர்கள் பயன்பெறலாம்,
2020 නව සිතියම් හා අභ්‍යාස
ශ්‍රී ලංකාව - යුරෝපීය සිතියම් අභ්‍යාස 1 / இலங்கை / ஐரோப்பிய வரைபட பயிற்சி 1
3. රාජධානි උප මධ්‍යස්ථාන හා වෙනත් ඓතිහාසික ස්ථාන
4. ප්‍රාග් ඓතිහාසික ස්ථාන
5. බාහිර හා අභ්‍යන්තර තොටුපළ/වරාය
6. පළමු පරාක්‍රමබාහු රජු ලක්දිව අග රජු වීමට පෙර යුගය
7. ශ්‍රී ලංකාවේ පළාත් සීමා
8.දඹදෙණි යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා ශ්‍රී ලංකාව
9. වැව් ජලාශ හා ඇළ මාර්ග ආදිය
10.සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉතිහාසය විෂයයට අදාළ ලංකා සිතියම
11.ත්‍රී සිංහලේ කඩඉම්
12.මහා විජයබාහු රජු චෝලයන් පරාජය කිරීම සඳහා හමුදා මෙහෙයවූ ගමන් මාර්ගය
13.ලෝක සිතියම (ලෝකයේ ඉතිහාසය හා සම්බන්ධ සුවිශේෂ ස්ථාන)
ශ්‍රී ලංකාව
1. ශ්‍රී ලංකාවේ වැව්
2. ශ්‍රී ලංකාව - සමුද්‍රාසන්න විශේෂ පිහිටීම්
3. ඈත අනුරාධපුර යුගයේ ලංකාව
4. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ස්ථාන
5. පොළොන්නරු යුගයේ ලංකාව
6. ආර්යයන්ගේ ගමන් මාර්ග හා මෙහි පැමිණ පදිංචි වූ ස්ථාන
7. බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව (පලාත් 5 කට බෙදීම)
8. ටොලමිගේ තප්‍රොබේනය
9. ශ්‍රී ලංකාව - ගංගා ඇළ දොළ ආදිය
10. දඹදෙනි, කුරුණෑගල, ගම්පොළ සහ කෝට්ටේ යුගවල ශ්‍රී ලංකාව
11. පොළොන්නරු යුගයේ ශ්‍රී ලංකාව
12. 1796 බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ
13. පොළොන්නරු යුගයේ ලංකාව - රාජධානි සීමාවන්
14.1796 බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ
15. පොළොන්නරු යුගයේ ලංකාව - රාජධානි සීමාවන්
16. ශ්‍රී ලංකාව - ඓතිහාසික ස්ථාන
17. ශ්‍රී ලංකාව - වැව්, ජලාශ හා ඇළ මාර්ග
18. ශ්‍රී ලංකාව - පැරණි පාලන ඒකක
19. ශ්‍රී ලංකාව - ඓතිහාසික ස්ථාන (අ.පො.ස. - සා/පෙළ සඳහා)
20. ත්‍රි සිංහලේ කඩඉම්
21. ශ්‍රී ලංකාව - පළාත් බෙදීම්
22. ශ්‍රී ලංකාව - ඓතිහාසික ස්ථාන
23. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ස්ථාන
24. ශ්‍රී ලංකාව - දිස්ත්‍රික් බෙදීම
25. ශ්‍රී ලංකාව - දේශගුණික කලාප බෙදීම
26. පුරාණ ශ්‍රී ලංකාව
ඉන්දියාව
1. ඉන්දියාව ( ක්‍රිස්තු පූර්ව 7 - 6 සියවස්)
2. සොලොස් මහා ජනපද (ඉන්දියාව)
3. ගුප්ත අධිරාජ්‍යය
4. ඉන්දියාවේ භූ විෂමතා ලක්ෂණ
5. ඉන්දියාවේ භූ ලක්ෂණ හා පැරණි නගර
6. ගුප්ත අධිරාජ්‍යය
7. දකුණු ඉන්දියාව
8. වයඹදිග ඉන්දියාව
9. හින්දුස්ථානී තැනිතලාව
10. ඉන්දියාවේ භූ ලක්ෂණ හා පැරණි නගර කිහිපයක්
11. ඉන්දියාවේ සින්ධු නදිය හා ඒ ආශ්‍රිත ස්ථාන
12. අජන්තාවේ චෛත්‍යශාලාවකට උදාහරණයක්
13. පුරාණ ඉන්දියාව
ලෝකය
1. යුරෝපය 1
2. ජපානය
3. ආසියාව
4. උතුරු ඇමරිකා මහාද්වීපය
5. මහා ඇලෙක්සැන්දර් යුධ ව්‍යාපාරය පැතිරුණු ප්‍රදේශ
6. යුරෝපය 2
7. නයිල් නිම්න ප්‍රදේශය
8. ඇමරිකා එක්සත් ජනපදයට අයත් ජනපද 50න් 49ක්
9. ග්‍රිනීච් කලාපය ආශ්‍රිත රටවල්
10. මායාවරුන්ගේ ශිෂ්ටාචාර ප්‍රදේශය
අභ්‍යාස සඳහා සිතියම් / பயிற்சிகளுக்கான வரைபடங்கள்
1. යුරෝපය ஐரோப்பா
Popular
-
PLEASE CLICK BELOW LINK FOR LATEST UPDATES. APPLICATION AND GAZETTE INFORMATION. COLLEGE OF EDUCATION APPLICATION - CLICK HERE Closing Date...
-
National Institute of Education has released the Model Papers for GCE A/L 2023 Students for Agriculture Science, Bio System Technology, Geo...
-
Education Ministry has already released the Announcement on School Calendar for 2023 on 12.10.2023. Term 03 - 2nd Step for Sinhala and Tamil...
-
Education Ministry Has released Supportive Seminar Papers for GCE O/L 2023 Students for selected Subjects. Updated Papers - GCE O/L 2023(202...
-
Applications are invited for below posts in Sri Lanka police. Sub Inspector of Police Police Constable Police Constable Driver Sub Inspector...