Breaking

Search This Blog

06/11/2020

Message From Education Ministry

Message From Education Ministry



Source : Ministry of Education

“කවර තත්වයක් යටතේ වුවත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරි පියවර ගන්නවා” – අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

රට තුළ පැවති තත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙසේ හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ද ලේකම්වරයා පැහැදිලි කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන, විවෘත විශ්ව විද්‍යාල සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමන් කටයුතු කර ඇත්තේ ද ඕනෑම අභියෝගාත්මක තත්වයකදී දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය මඟින් හෝ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යායුතු නිසා බවද සදහන් කළ අධ්‍යාපන ලේකම්වරයා, අධ්‍යාපන පද්ධතිය තුළ මේ මොහොතේ ගන්නා තීරණ සෘජුවම අනාගතයේ රටේ සංවර්ධන ක්‍රියාවලියට බලපාන බව ද පෙන්වා දුන්නේය.

2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බවත්, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊළඟ ඉලක්කය එම විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීමට සහ නියමිත පරිදි විභාගය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම බවත් අධ්‍යාපන ලේකම්වරයා පැහැදිලි කළේය.

නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තුන් වන පාසල් වාරය සති දෙකකින් දීර්ඝ කළ අතර , ඒ අනුව එළඹෙන 23 වැනිදා සිට පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නේ නම් එහිදී පාසල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සමග අද දින සාකච්ඡා කළ බව ද ලේකම් වරයා සදහන් කළේය.

සියලු පාසල්වල සිසුන් 50% බැගින් ගෙන්වා ගනිමින් පාසල් පැවැත්වෙන වේලාව වෙනසක් නොකොට, පුද්ගල දුරස්ථභාවය හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පාසල් පැවැත්වීමට පවතින හැකියාව පිළිබඳවද ලේකම්වරයා මෙහි දී පළාත් බලධාරීන්ගේ අදහස් විමසා තිබේ.

කෙසේ වෙතත්, කිසියම් හෙයකින් පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ නොලැබෙන්නේ නම්, දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද පළාත් බලධාරීන් සමග සාකච්ඡා කර තිබේ. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර ඇති ඉ- තක්සලාව තවදුරටත් පුළුල් කිරීමටත්, මාර්ගගත ක්‍රමය යටතේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක්(LMS) ස්ථාපනය කිරීමටත්, තුන්වෙනි පාසල් වාරය ඉලක්ක කරගෙන, ප්‍රාථමික , 5 ශ්‍රේණි ශිෂ්‍යත්වය, 6 සිට 11 ශ්‍රේණි, උසස් පෙළ අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදනය කර ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන් මාලාව තවදුරටත් සංවර්ධනය කරමින් ක්‍රියාත්මක කිරීමටත්, පියවර ගන්නා බවද ලේකම්වරයා පැහැදිලි කළේය. දැනටමත් පළාත් මට්ටමින් විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් සම්බන්ධ කරගනිමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රමවේද ක්‍රියාවට නංවා ඇති බවත්, අන්තර්ජාල පහසුකම්, රූපවාහිනී හෝ ගුවන් විදුලි පහසුකම් නොමැති පාසල් දරුවන් කෙරෙහි පවා අවධානය යොමුකර ඇති බව ද ඔවුන් වෙනුවෙන් ස්වයං අභ්‍යාස කළ හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල ලබාදීමටත්, සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් සිසුන් 50ත්, 100ත්, අතර සහ සිසුන් 50ට අඩු පාසල් දරුවන් පාසල් වෙත ගෙන්වා ගනිමින් හෝ ඔවුන් වෙත සහය වීමට වැඩපිළිවෙළක් සකසන බවත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.

“எல்லா சூழ்நிலைகளிலும் மாணவர்களின்  கல்வி நடவடிக்கைகள் தொடரப்படல் வேண்டும். அதற்கான மேலதிக நடவடிக்கைகளை நாங்கள் மேற்கொள்வோம் ”- கல்வி அமைச்சின் செயலாளர் பேராசிரியர் கபில பெரேரா guruwaraya.lk

நாட்டில் நிலவும் சூழ்நிலையைப் பொருட்படுத்தாமல், மாணவர்களின் கல்வியைத் தொடர்வதை உறுதிசெய்ய கல்வி அமைச்சு அனைத்து மாகாண கல்வி அதிகாரிகளுடனும் இணைந்து செயல்படும் என்று கல்விச் செயலாளர் பேராசிரியர் கபிலா பெரேரா தெரிவித்தார்.guruwaraya.lk

நாட்டில் ஏற்பட்ட அசாதாரண நிலைமைகளின் போதும் கூட உயர்தர பரீட்சைகளை பிற்போடாது, அவற்றை தொடர நடவடிக்கை எடுக்கப்பட்டது போல், guruwaraya.lk எதிர்வரும் காலங்களில் கோவிட் நிலைமைகளின் கீழ் மாணவர்களின் கற்றல் நடவடிக்கைகளை எவ்வாறாயினும் தொடர்ந்து முன்னெடுப்பது தொடர்பாக முடிவுகள் எடுக்கப்படும் எனவும் குறிப்பிட்டார்.guruwaraya.lk

 2020 டிசம்பரில் நடத்த திட்டமிடப்பட்டிருந்த க.பொ.த சாதாரண தர பரீட்சை   2021 ஜனவரி 18 முதல் 28 வரை நடத்த முடிவு செய்யப்பட்டுள்ளது. குறிப்பாக கல்வி அமைச்சின் அடுத்த இலக்கு, பரீட்சை எழுதவுள்ள குறித்த மாணவர்களின் கல்வி நடவடிக்கைகள் பாதிக்கப்படாமல் இருக்க தேவையான நடவடிக்கைகளை எடுப்பதும், திட்டமிட்டபடி பரீட்சையை நடத்துவதும் ஆகும். guruwaraya.lk
 
நவம்பர் 9 ஆம் திகதி  தொடங்க திட்டமிடப்பட்ட மூன்றாம் தவணை இரண்டு வாரங்களுக்கு நீட்டிக்கப்பட்டுள்ளது.  எனவே எதிர்வரும் 23 ஆம் திகதி பாடசாலைகள் ஆரம்பிக்கப்படின் , அதை எவ்வாறு நடைமுறைப்படுதத்துவது என இன்று ஆராயப்பட்டது.guruwaraya.lk

அனைத்து பாடசாலைகளிலிருந்தும்  50% ஆன மாணவர்களை அழைப்பதற்கும், பாடசாலை நேரங்களை மாற்றாமல் தனிப்பட்ட இடைவௌி, மற்றும் சுகாதார நடைமுறைகளுக்கு ஏற்ப பாடசாலைகளை நடாத்துவதற்கும்  மாகாண அதிகாரிகளின் கருத்துக்களை செயலாளர் வினவினார்.

எவ்வாறாயினும், பாடசாலைகளை தொடங்க எந்தவொரு பரிந்துரையும் கிடைக்காவிட்டால், மாணவர்களின் கல்வியைத் தொடர எடுக்கக்கூடிய நடவடிக்கைகள் குறித்து மாகாண அதிகாரிகளுடன் கலந்துரையாடப்பட்டுள்ளது. guruwaraya.lk

அதன்படி, கல்வி அமைச்சினால் செயல்படுத்தப்பட்ட இ-தக்ஸலாவை மேலும் விரிவுபடுத்துவதற்கும், நிகழ்நிலை முறையின் கீழ் கற்றல் முகாமைத்துவ தொகுதியை (Learning Management System) நிறுவுவதற்கும், மூன்றாம் தவணை காலத்தை இலக்காகக் கொண்டு, ஆரம்ப, தரம் 5 புலமைப்பரிசில் , தரம் 6 முதல் 11 வரை,  உயர்தரம் என்பவற்றுக்காக கற்றல் செயற்பாடுகளை உருவாக்குதல், குருகுல ரூபவாஹினி கல்வித் திட்டத் தொடரை மேலும் அபிவிருத்தி செய்து செயல்படுத்த நடவடிக்கை எடுக்கப்படும் என்று ம் கல்வி அமைச்சின் செயலாளர் மேலும் தெரிவித்தார். 

மாணவர்களின்  கல்வி நடவடிக்கைகளை மேற்கொள்வதற்கு, மாகாண மட்டத்தில் அதிபர்கள் மற்றும் ஆசிரியர்களின் ஈடுபாட்டுடன்  பல்வேறு திட்டங்கள் மற்றும் முறைகள் ஏற்கனவே செயல்படுத்தப்பட்டுள்ளன, இணைய வசதிகள், தொலைக்காட்சி அல்லது வானொலி வசதிகள் இல்லாத மாணவர்களுக்கு கூட சுய பயிற்சி அச்சிடப்பட்ட கற்றல் கருவிகள் வழங்கப்பட்டுள்ளன. guruwaraya.lk

50 முதல் 100 வயது வரையிலான மாணவர்கள், 50 க்குக் குறைவான மாணவர்களை   சுகாதார வழிமுறைகளைப் பின்பற்றி பாடசாலைக்கு அழைத்தாவது அவர்களுக்கு உதவ செயற்றிட்டங்கள் போடப்படும் எனவும் கல்வி அமைச்சின் செயலாளர் குறிப்பிட்டார்.guruwaraya.lk


Popular

Recent

Ad

Learning Materials for Students